2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

පළාත් ඡන්ද හයක් මාර්තුවේ!

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 298

I දේශපාලන වාර්තාකරු

පළාත් සභා හයක ඡන්ද ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට රජය තීන්දු කර ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචිමාර්ග කියයි. ඒ අනුව පසුගියදා සිදුකළ පනත් සංශෝධනයෙන් පසු කල් ගිය උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා තුනේ ඡන්දත් ලබන වසර අවසානයේ කල් පිරෙන මධ්‍යම, වයඹ හා උතුර පළාත් සභා තුනෙහිත් ඡන්ද එකවරම පැවැත්වෙනු ඇත.

මේ ආකාරයට පළාත් සභා හයක මැතිවරණ එකවර තබන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ පක්ෂ ගණනාවක් රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ ගැන අවධානය දැක්වූ ආණ්ඩුව ඉතා ඉක්මණින් සීමා නීර්ණය හමාර කොට 2018 මාර්තුවේ මෙම පළාත් සභා හයේම ඡන්ද එකවර පැවැත්වීමට කටයුතු යොදමින් සිටින බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.