2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

තෙල් සංස්ථාව හොර ගුහාවක් - තෙල් ඇමැති අර්ජුන

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 282

I ගයාන් ගාල්ලගේ

ඛනිජ තෙල් සංස්ථාව නිලධාරින් විසින් හොර ගුහාවක් කර ඇති හෙයින් ඒ පිළිබඳව සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට තමන් තීරණය කළ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා දේශයට පැවසීය.

තමන් විසින් තෙල් සංස්ථාවේ සිදුවී ඇති දූෂණ වංචා සෙවීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ බවත් එහෙත් එතැන් සිට ඇතැම් නිලධාරින් තමන්ට විවිධ අභූත චෝදනා නගිමින් සිය දූෂණ වංචා වසා ගැනීමට උත්සාහ දරන බවත් හෙතෙම සඳහන් කළේය. එම නිසා ඒ පිළිබඳව සොයාබැලීමට රහස් පොලිසියට බාරදිමට තමන් තීන්දු කළ බව අමාත්‍යවරයා කීය. ඇතැම් නිලධාරින් තෙල් සංස්ථාව අවුරුදු ගණනාවක සිට දූෂණය කොට ඇති බවත් ඉතා ඉක්මණින් තමන් සංස්ථාව ඔවුන්ගෙන් මුදා ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01