2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

මෙය රට බෙදෙන ව්‍යවස්ථාවක් නොවේ - අගමැති

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 30

මැතිසබයට ඉදිරිපත් කළ ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව නීතිමය ලියවිල්ලක් නොව මූලික කෙටුම්පතක් පමණක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කරමින් මැතිසබයේදී පැවසීය.

මෙම යෝජනා මගින් සියලුදෙනා ඒකීය ශ්‍රී ලංකාවක් පිළිගන්නා බවත් ප්‍රධාන පක්ෂ එකඟ නම් දෙමළ සංධානයද ඊට එකඟ වන බව අගමැතිවරයා සඳහන් කළේය.

දශක ගණනාවක් තිස්සේ පැවති බේදභින්නවීම් ඉවත දමා එකඟතාවයක් ගොඩනගා ගැනීමට උදාවී ඇති මේ අනගි අවස්ථාවෙන් ජනතාව ප්‍රයෝජන ගත යුතු යැයි කී අගමැතිවරයා පොදු සම්මුතියක් ඇතිකර ගැනීමට රජයත් විපක්ෂයත් එක්වීම අගය කළේය. මෙම කෙටුම්පත පිළිබඳ නැති ප්‍රශ්න මතුකරමින් අනවශ්‍ය බිය ඇතිකර සමාජය වෙන්කරන ක්‍රමයට රජය ඉඩ නොදෙන බව කී හෙතෙම මෙම ව්‍යවස්ථා යෝජනා රට තුළ පුළුල් සංවාදයට හා සාකච්ඡාවට බඳුන් කොට අලුතින් තීන්දුවක් ගනු ඇතැයි සඳහන් කළේය.