2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

මහින්දට චීනයෙන් ඉන්දියාවෙන් ඇරියුම්

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 412


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දියාවට සහ චීනයට පැමිණෙන ලෙස ආරාධනා දෙකක් ලැබී තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා මෙම මස 21 දා සිට 23 දා දක්වා චීනයේ සංචාරයක් සඳහා පිටත්ව යයි. එරට ගොන්ඩම් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ ආරාධනයෙන් විශේෂ වෙළෙඳ ප්‍රදර්ශනයක් විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස රාජපක්ෂ මහතා ඇරැයුම් ලබා සිටී.

රාජපක්ෂ මහතා ඉන්දියාවට යන්නේ චීන චාරිකාවෙන් අනතුරුව ලබන මස දෙවැනි සතියේය. ඔහුට එරටට ආරාධනා කර ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රධාන අමාත්‍ය දේවේන්ද්‍ර පර්නැන්ඩේස් මහතා විසිනි. එහි පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන්නටත් මුඛ්‍ය දේශනය පවත්වන්නටත් රාජපක්ෂ මහතාට ඇරැයුම් කර ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවේ සහ චීනයේ කෙරෙන චාරිකාවලදී රාජපක්ෂ මහතා ඒ රටවල ආණ්ඩුවල ප්‍රධානීන් ගණනාවක් ද හමුවනු ඇති බව දැනගන්නට ඇත.

I දේශපාලන වාර්තාකරු