2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

අතුරුදන් පනත රණවිරුවන් දංගෙඩියට යැවීමක්

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 87


ලබන බ්‍රහස්පතින්දා (21දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත මගින් යුද්ධයෙන් රට නිදහස් කරගත් සේනාධිනායකයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා, හමුදාපතිවරුන් සහ රණවිරුවන්ට පහසුවෙන් යුද අපරාධ චෝදනා එල්ල කිරීමට ඉඩකඩ සැලසෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා දේශයට පැවසීය. 

මේ සඳහා ජිනීවා මානව හිමිකම් කොමිසම ඇතුළු මානව හිමිකම් සංවිධානවලින් එල්ල වූ පීඩනය හමුවේ ජනාධිපතිවරයා පනතට අත්සන් කළ බව පැවසූ මන්ත්‍රීවරයා මෙය යුද අපරාධ නඩු පැවරීමේ මුල්පියවර යැයිද කීය. මෙම නීතිය සම්මත වූ පසු විදේශීය අධිකරණවල යුද අපරාධ චෝදනා යටතේ අපේ රණවිරුවන්ට නඩු පැවරීමටත් දඬුවම් කිරීමටත් අවකාශ සැලසේ. 

ඒ සම්බන්ධව කෙරෙන ප්‍රශ්න කිරීමකදි පවා පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළහොත් එයට එරෙහිවද නඩු පැවරිය හැක. එබැවින් අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත භයානක ප්‍රතිඵල ලබාදෙන නීතියක් බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. 

සංජීවිකා සමරතුංග |