2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

යන අය ගාණට එන්නත් ඉන්නවා

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 106

යමෙක් ආණ්ඩුවෙන් ඉවත්ව යන්නේ නම් ඒ වෙනුවට ඊට සමාන පිරිසක් ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට ගැනීම සඳහා සූදානම්ව සිටින බව මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දේශයට පැවසීය.

දැනටමත් ඒකාබද්ධ විපක්ෂයේ තිදෙනකු සමඟ සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බවත් ඔවුන් අද හෙටම ආණ්ඩුවට ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එලෙස පැමිණෙන සියලු දෙනාට හිස්ව ඇති අමාත්‍ය ධුර ලබාදීමටත් තීරණය කර ඇති බව කිරිඇල්ල අමාත්‍යවරයා කීය.

I ගයාන් ගාල්ලගේ