2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

චීන සමාගම ලොකු බදු සහන ඉල්ලයි!

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52


හම්බන්තොට වරාය බදු ගිවිදුම ක්‍රියාත්මක කිරීමට පෙර චීන සමාගමට රජය පොරොන්දු වූ පරිදි වසර 25ක කාලයක් සඳහා පූර්ණ බදු නිදහස ප්‍රකාශයට පත්කරන ලෙස අදාළ සමාගම රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ ඒ සම්බන්ධව මූලික අවබෝධතා ලියැවිල්ලේ අඩංගු කොන්දේසි ප්‍රකාරවය. මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, වරාය අමාත්‍යංශ ලේකම්වරයා සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශ ලේකම්වරිය එම අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් කළෝය. මෙ බදු සහන ප්‍රතිඥාව ලබාදී ඇත්තේ එමගිනි.

එම බදු සහන ප්‍රකාශ කරනතුරු ගිවිසුම ප්‍රකාරව වරායේ වාණිජ කටයුතු ආරම්භ කළ නොහැකි බවද ඔවුන් දැනුම්දී ඇතැයි සඳහන්ය. 

I සංජීවිකා සමරතුංග