2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

ජනමත විමසුමක්ද? තුනෙන් දෙක ඇද්ද? තීන්දුව අඟහරුවාදා

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීමට ප්‍රතිපාදන සැලසෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබන 19දා අඟහරුවාදා කතානායකවරයා විසින් ප්‍රකාශ කිරීමට නියමිතය.

මෙම සංශෝධනය මැතිසබයේ 2/3 බහුතර ඡන්දයකින් සම්මත කරගත හැකිද? නොඑසේ නම් ඒ සඳහා ජනමත විචාරණයකින්ද අනුමැතිය ලබාගත යුතුද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් ප්‍රකාශ කෙරෙනු ඇතැයි වාර්තාවේ.

රජයට සම්බන්ධ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ යම් හෙයකින් ව්‍යවස්ථා සංශෝධනයට 2/3ක බහුතරය සමඟ ජනමත විමසුමක්ද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළහොත් 20 වැනි සංශෝධනය 20 බදාදා මැතිසබයට ඉදිරිපත් කිරීම කෙරේ එය එය තීරණාත්මකව බලපානු ඇති බවයි.

කොළඹ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අඟහරුවාදා ප්‍රකාශ කෙරෙන මෙම නඩු තීන්දුව ගැන කතාබහ කිරීමට දේශපාලන පක්ෂ ගණනාවක් සති අන්තයේ හදිසි සාකච්ඡා කැඳවා තිබූ බවයි.

දේශපාලන වාර්තාකරු |