2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

පුංචි ඡන්දයට නාම යෝජනා ලබන මාසේ?

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44

‍මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට යෝජනා කර ඇති දින හතරෙන් ජනවාරි 20 වැනිදා බොහෝදුරට මැතිවරණය පැවැත්වීමට ඉඩකඩ ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

සභාපතිවරයා විසින් මැතිවරණය පැවැත්විය හැකි දින ලෙස ජනවාරි 06, 13, 20 සහ 27 ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව මැතිවරණය 20 වැනිදා පැවැත්වුවහොත් නාම යෝජනා කැඳවීම ඔක්තෝබර් 07ත් 15ත් අතර දිනයන් හිදී සිදුවිය හැකි බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ දී පක්ෂ ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක් සිදුකිරීමට ද නියමිතව ඇත.

I ගයාන් ගාල්ලගේ