2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

අමාරුවෙන් ගත් ආණ්ඩුව වනසන්න එපා - ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 373

ආණ්ඩුවේ වගකිවයුතු තනතුරු දරන එ.ජා.පයේ සියලු දෙනාගෙන්ම තමන් කරන ඉල්ලීම වන්නේ පෞද්ගලික න්‍යායපත්‍රවලට වැඩකොට පක්ෂය අමාරුවෙන් ලබාගත් ආණ්ඩුව විනාශ නොකරන ලෙස යැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා දේශයට පැවසීය.

 

එජාප පාක්ෂිකයා විපක්ෂයේ සිට අවුරුදු 20ක බැට කෑ බවත් පක්ෂය අතහැර නොගිය ඔවුන් දිවිහිමියෙන් ආණ්ඩු බලයක් ලබාදුන්නේ පෞද්ගලික න්‍යාය පත්‍රයන්ට වැඩ කිරීමට නොව රට වෙනුවෙනුත් පාක්ෂිකයා වෙනුවෙනුත් සාධාරණය ඉෂ්ඨ කිරීමට බවත් හෙතෙම සඳහන් කළේය. එසේ කළ නොහැකි අය ආණ්ඩුවෙනුත් පක්ෂයෙනුත් ඉවත්ව ගියාට පාක්ෂිකයන් දොස් නොකියන බවද අමාත්‍යවරයා කීය.

ඒ නිසා දැන්වත් රජය ජනතාවට වූ පොරොන්දු ඉෂ්ඨ කිරීම මූලික අරමුණ කොටගෙන සියලුදෙනා වැඩ කළ යුතු බවද මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

ගයාන් ගාල්ලගේ |

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01