2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

එස්.බී. සමෘද්ධිය කැපුවා!

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44


දැනට සමෘද්ධි සහනාධාරය ලබාගන්නා පවුල්වලින් සියයට දහයක සමෘද්ධි සහනාධාරය කප්පාදු කිරීමට එස්.බී.දිසානායක අමාත්‍යවරයා පියවර ගනිමින් සිටින බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් චාමර මද්දුම කළුගේ මහතා දේශයට පැවසීය.

දිවයින පුරා සමෘද්ධි ලාභීන්ගේ තොරතුරු පරිගණක ගත කිරීමේ මුවාවෙන් සිදුකරන සමීක්ෂණයක් හරහා එම සහනාධාර කප්පාදුකිරීමට අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බව ද කිසිදු විද්‍යාත්මක පදනමකින් සිදුනොවන මෙම සමීක්ෂණය වෙනුවෙන් අයැදුම්පත්‍ර මුද්‍රණය, පෝරම පිරවීම සඳහා ගෙවන අතිරේක ගාස්තු, ඉන්ධන දීමනා සමඟ රුපියල් කෝටි ගණනක මුදලක් වැයවී ඇතැයි ද මද්දුමකළුගේ මහතා කියාසිටියේය. 

සමෘද්ධිලාභීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ නව සමීක්ෂණය යටතේ තම සමෘද්ධි සහනාධාර කප්පාදුවකට ලක්ව ඇති බව කියමින් රට පුරා ප්‍රදේශ රැසක සමෘද්ධිලාභීන් විසින් උද්ඝෝෂණ රැසක්ම පවත්වනු ලැබිණ.  

දිවයින පුරා ක්‍රියාත්මක සමෘද්ධිලාභීන්ගේ උද්ඝෝෂණ පුහු බියක් නිසා හටගෙන තිබෙන්නක් බවත් සමෘද්ධිලාභීන් සංඛ්‍යාවේ කිසිදු කප්පාදුවක් සිදුනොවන බවට තමා පොරොන්දු වන බවත් දේශය කළ විමසුමකදී සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය. 

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇඹිලිපිටියේ පැවැති උත්සවයකදී ප්‍රකාශ කර සිටියේ සමෘද්ධි සහනාධාර කපා හැරීමේ කිසිදු වුවමනාවක් රජයට නැති බවය.

I රජිත ජාගොඩ ආරච්චි

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01