2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

විජයදාස කෘත්‍යාධිකාරියෙන් යවන්න යෝජනාවක්

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64

අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවත් කිරීම සඳහා යෝජනාවක් ගෙන ඒමට පසුපෙළ මන්ත්‍රිවරු ඇතුළු පිරිසක් සූදානම් වන බව එම පක්ෂයේ අමාත්‍යවරයෙක් දේශයට පැවසීය.

ලබන 17 වැනිදා කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමට නියමිතව ඇති අතර එදින එම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය. විජයදාස අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශ සහ වැඩකටයුතු නිසා පක්ෂයටත් රජයටත් විශාල හානියක් සිදුවන වන බව එම මන්ත්‍රීවරුන්ගේ චෝදනාව වී තිබේ.

කෙසේ වෙතත් හම්බන්තොට වරාය චීනයට විකිණීම වැරදි දෙයක් බවත් එය නැවත පවරාගන්නා බවටත් අමාත්‍යවරයා කීමෙන් පසුව මෙම තත්ත්වය උද්ගත වී තිබුණි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයාට පැමිණිලි කළ අතර පසුගිය බ්‍රහස්පතින්දා දින විශ්වාසභංගයක් සඳහා මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ගෙන ඇත.

I ගයාන් ගාල්ලගේ