2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

ආණ්ඩුවෙන් යන්න 12 ක් නැකත් බලති

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 362

I සංජීවිකා සමරතුංග

එ.ජා.ප.ය සහ ශ්‍රී.ල.නි.ප.ය අතර අත්සන් කර තිබෙන එකඟතා ගිවිසුමට වසර 2ක් සම්පූර්ණ වීමෙන් පසු ශ්‍රී.ල.නි.ප.යේ මැති ඇමැතින් කණ්ඩායම් දෙකකට බෙදී විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීන් ලෙස අසුන් ගන්නා බව එම මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

සැප්තැම්බර් 15 දිනට පෙර 12 දෙනකුගෙන් සමන්විත ප්‍රථම මැති ඇමැති කණ්ඩායම ඉවත්වීමට නියමිත අතර ඒ සඳහා සුබ වේලාවක් පවා තීරණය කර ඇතැයිද හෙතෙම කීය. 

ඉතිරි කණ්ඩායම තවත් සති කිහිපයකින් එම ස්වාධීන කණ්ඩායම් සමඟ එක්වීමට නියමිත යැයිද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් හතර දෙනෙක් ද රාජ්‍ය ඇමැතිවරුන් හා උප ඇමැතින් ගණනාවක්ද මෙම කණ්ඩායමට ඇතුළත් වෙතියි වැඩිදුරටත් සඳහන් විය.

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00