2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

විශ්වාසභංගයට එකතුවෙලා මුහුණ දෙනවා - කිරිඇල්ල

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 275

I ගයාන් ගාල්ලගේ

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංගය සඳහා සම්මුතිවාදී ආණ්ඩුවක් ලෙස සාමූහිකව තීරණයක් ගතයුතු බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (දේශයට) පැවසීය.

එසේම එක්සත් ජාතික පක්ෂයද මේ සඳහා සාමූහිකව මුහුණ දෙන බවත් එය එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කොට තීරණය කරනු ලබන බවත් හෙතෙම සඳහන් කළේය. අමාත්‍යවරයා එලෙස සඳහන් කළද රජය තුළත් එක්සත් ජාතික පක්ෂය තුළත් මෙයට පක්ෂව සහ විපක්ෂව පෙනී සිටීමට කණ්ඩායම් දෙකක් සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.