2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

බැඳුම්කරයෙන් ආර්ථිකය අර්බුදයක - මහ බැංකු සහකාර අධිපති

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64

I සංජීවිකා සමරතුංග

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ නියමය පරිදි සිදුකළ බැඳුම්කර අලෙවිය නිසා රටේ පොලී අනුපාතය විශාල ලෙස ඉහළ ගොස් රාජ්‍ය මූල්‍ය තත්ත්වය අර්බුදයකට ලක්වූ බව සහකාර මහ බැංකු අධිපති සී.ජේ.පී. සිරිවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට මේ සතියේ ලබාදුන් විශේෂ වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ.

සහකාර මහ බැංකු අධිපතිවරයා රජයේ විශේෂ ආර්ථික කමිටුවට සැපයූ මෙම වාර්තාව මේ සතියේ කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත් කෙරිණි. එමගින් නිර්දේශ කර ඇත්තේ මහේන්ද්‍රන් මහතා හඳුන්වා දුන් බැඳුම්කර අලෙවි ක්‍රමය වහා වෙනස්කොට හයිබ්‍රිඩ් ක්‍රමයකට බැඳුම්කර අලෙවි කර පවත්නා තත්ත්වය පාලනය කළ හැකි බවය.