2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

අස්ගිරි මහා සංඝ සභාව යළි රැස්වෙයි

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

I ජේ.ඒ.එල්. ජයසිංහ

එළඹෙන සතියේදී අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා කාරක සංඝ සභාව රැස්වී රටතුළ දැනට පවතින තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇතැයි අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨතම කාරක සංඝ සභික නායක හිමි නමක් පැවසූහ.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමි ප්‍රමුඛ අනුනායක හිමිවරුන් ඇතුළුව අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාවේ සභික හිමිවරුන් විසි නමගේම සහභාගිත්වයෙන් කාරක සංඝ සභාව රැස්වීමට නියමිතය. රටතුළ දැනට උද්ගතව පවතින විවිධ ප්‍රශ්න අර්බුද සහ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමද මෙහිදී සිදුවන බව කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ හිමිනමක් පැවැසූහ. ලිච්ඡවී රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් අරුත හරිහැටි නොදැන එම බුද්ධ වචනය පාවිච්චි කිරීම, ලිච්ඡවී රාජ්‍ය පාලනයට අදාළව වත්මනෙහි රට පාලනය වන්නේද... එම පාලනයෙන් ජනතාවට අත් විඳින්නට තිබෙන්නා වූ පහසුකම් හා දුෂ්කරතාවයන් පිළිබඳවද ලබන සති අන්තයේ දිනෙක රැස්වී තීරණයක් ගනු ලබන බවද එම නායක හිමියෝ වැඩිදුරටත් පැවසූහ.