2017 ජුලි 29 වන සෙනසුරාදා

සයියම් උද්ඝෝෂණ වාර්තා පොතට යයි

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 223

I සංජීවිකා සමරතුංග

2016 වසරේ ජනවාරි මස සිට 2017 ජූලි මස දක්වා කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල (සයිටම්) විරෝධී උද්ඝෝෂණ 163ක් පමණ පැවැත්වී ඇතැයි විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් පවත්වන ලද අධ්‍යනයකදී හෙළිදරව් වී ඇත.

එම වාර්තා අනුව 2016 වසරේ පමණක් සයිටම් විරෝධී උද්ඝෝෂණ 95ක් පවත්වා තිබේ. මේ වසරේ ගතවූ කාලය තුළ සයිටම් විරෝධී උද්ඝෝෂණ 68ක් සිදුකර තිබේ. 

මේ හැර අදාළ විමර්ශන වාර්තාවේ දැක්වෙන ආකාරයට 2016 වසරේ රටපුරාම මහජන උද්ඝෝෂණ 1400ක් පමණ පැවැත්වී තිබුණි. එයින් 340 ක් ශිෂ්‍ය උද්ඝෝෂණ බවද වාර්තාගතය.