2017 ජුලි 29 වන සෙනසුරාදා

රවි යවන්න: ජනපතිට බලපෑම්

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 671

I ගයාන් ගාල්ලගේ

රවී කරණානායක මහතාගේ අමාත්‍යධූරය සම්බන්ධය තීරණයක් ගන්න ලෙසට ශ්‍රී.ල.නි.ප. ඇමැතිවරු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමට යයි. 

මහබැංකු බැඳුම්කර කොමිසමේ සක්ෂි විමසීමේදී අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් හෙළිදරව් වී ඇති කරුණු ගැන දැඩි අවධානය දක්වා මේ ඉල්ලීම ඉදිරිපත් කිරීමට තීන්දු කළ බව නම් සඳහන් කිරීමට අකැමැති ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් දේශයට කීය.

මේ සඳහා ශ්‍රී.ල.නි.ප. කැබිනට් ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් කණ්ඩායමක් එක්වී සිටින බවද එම කණ්ඩායමට අයත් අමාත්‍යවරයා පැවසීය.

විශේෂයෙන් පරීක්ෂණය අවසන් වනතෙක් හෝ ඔහු සම්බන්ධයෙන් පියවරක් ගතයුතු බවත් එසේ ගනු ලබන තීරණය මත ආණ්ඩුවේ විනිවිදභාවය සහ විශ්වාසවන්තභාවය තහවුරු වන බවත් එම අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන්ගේ හමුවක් පැවැත්වීමටද තීරණය කර තිබේ.