2017 ජුලි 29 වන සෙනසුරාදා

එජාප පසුපෙළට මංගල සලකයි

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

I ගයාන් ගාල්ලගේ

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ආසනවලට සංවර්ධන කටයුතු සඳහා (මගනැගුම) ව්‍යාපෘතිය යටතේ රුපියල් කෝටි සීයක් (බිලියනයක්) වෙන්කර දීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මන්ත්‍රීන්ට ප්‍රතිඥා දී තිබේ.

පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දුක ඇසීමට පසුගියදා හමුවූ අවස්ථාවේ එම පොරොන්දුව ලබා දුන් බව එම මන්ත්‍රීවරු පැවසූහ.

විශේෂයෙන් තම ප්‍රදේශවල සංවර්ධන කටයුතු මුදල් නොමැතිකමින් අඩාල වී ඇති නිසා එම මුදල් ලබාදෙන ලෙස මන්ත්‍රීවරුන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව අමාත්‍යවරයා විසින් බිලියනය ලබාදීමට පොරොන්දු වී ඇත.