2017 ජුලි 29 වන සෙනසුරාදා

සහල් මිල තාමත් උඩ

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

I යසවර්ධන රුද්රිගු

ආණ්ඩුව සහල් ආනයනය කර මිල අඩුකිරීමට ගත් උත්සාහය තවමත් සාර්ථකවී නැත. මේ හේතුවෙන් වෙළෙඳපොළේ සහල්වල සිල්ලර මිල අඩුව ඇත්තේ කිලෝව රුපියල් 2 – 3 වැනි සුළු ප්‍රමාණවලින් පමණි. තවමත් දේශීය සම්බා කිලෝවක සිල්ලර මිල රුපියල් 100 ආසන්න මට්ටමේ පවතී.

කුඩා පරිමාණ සහල් නිෂ්පාදකයන් පවසන්නේ මෙලෙස සහල් මිල සෑහෙන පමණ පහත වැටී නැත්තේ අපනයන කරන තොග විවෘත වෙළඳ පොළට නොපැමිණ මහා පරිමාණ මෝල් හිමියන් වෙත යාම නිසා බවය.
මේ අතර සහල් මිල අඩුකිරීම සඳහා වී අලෙවි මණ්ඩලය සතු සියලුම වී තොග මිලට ගෙන සහල් බවට පත්කර වෙළඳ පොළට මුදාහරින ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමූපකාර තොග වෙළඳ සංස්ථාවට උපදෙස් දී ඇත. වී අලෙවි මණ්ඩලය සතුව මේ වනවිට වී මෙට්‍රික් ටොන් 55000ක් ඇති අතර ඒවා මිලට ගැනීමට ප්‍රමාණවත් මුදල් නොමැති නිසා ස.තො.ස රාජ්‍ය බැංකුවලින් ණය ගැනීමේ සූදානමක් පවතින බව වාර්තාවේ.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01