2017 ජුලි 22 වන සෙනසුරාදා

කැබිනට්ටුව සෙලවෙයි

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 592


මේ සතියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා උදෑසන අමාත්‍ය මණ්ඩල කාර්යාලයේදී කැබිනට් රැස්වීම පැවැත්වෙන අතරතුර ජනාධිපතිවරයා අසුන්ගෙන සිටි අසුන එකවරම දෙදරීමට පටන්ගෙන තිබේ.

මේ බව සෙසු අමාත්‍යවරුනටද දැන්වූ ජනාධිපතිවරයා වහාම අමාත්‍ය මණ්ඩල කාර්යාලයට දැනෙන මේ දෙදරීම ගැන පරීක්ෂා කරන්නැයි අදාළ බලධරයන්ට දැනුම් දී ඇත. මේ ගැන පරීක්ෂා කර බැලීමේදී වාර්තා වූයේ පැරණි පාර්ලිමේන්තුව ඉදිරිපිට (දැනට ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටා ඇති) මුහුදු තීරයේ කෙරෙන පෝර්ට් සිටි ඉදිකිරීමට අදාළ කැණීම් සහ තැලීම් නිසා මෙම දෙදරීම සිදුවන බවයි. අනතුරුව මේ ගැන කළ සාකච්ඡාවකින් පසු විෂය භාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අදාළ ඉදිකිරීම් ආයතනයට නියමකර ඇත්තේ වෙනත් තාක්ෂණික ක්‍රමවේදයක් උපයෝගී කරගෙන එම කටයුතු කරන ලෙසය.

I දේශපාලන වාර්තාකරු