2017 ජුලි 22 වන සෙනසුරාදා

විභාග කාලයේ ඡන්ද බැහැ

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 96


නොවැම්බරයේ සිට දෙසැම්බරය දක්වා කිසිදු මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර තිබේ.

දෙසැම්බරයේ අපොස සා.පෙළ විභාගය පැවැත්වෙන නිසා එම විභාගවලටත් දරුවන්ගේ අධ්‍යාපනයටත් බාධා පැමිණීම හේතුවෙන් මැතිවරණය එම කාලයේදී පැවැත්වීමට නොහැකි බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර තිබේ.

සභාපතිවරයා මේ බව පවසා ඇත්තේ පසුගියදා අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පක්ෂනායක හමුවක් පැවති මොහොතේදීය.

කෙසේ වෙතත් කොමසාරිස්වරයා එසේ කීවද මැතිවරණ ක්‍රමයට තවත් සංශෝධන කිහිපයක් ආණ්ඩුවෙන් එකතු කිරීමට තීරණය කර ඇති නිසාත් නොවැම්බරයේ අයවැය පැවැත්වෙන නිසාත් ඡන්දය එම මාසවල පැවැත්වීම කොහෙත්ම සිදුකළ නොහැකි බව රජය තීරණය කර ඇතැයි සඳහන් වේ.

I ගයාන් ගාල්ලගේ