2017 ජුලි 22 වන සෙනසුරාදා

රාජ්‍ය අමාත්‍යංශ ලේකම්ලාට දවසම අයිස්

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105


ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්ට කිසිදු රාජකාරියක් පැවරී නැතිකමින් මුළු දවසම නිකරුණේ ගෙවා දැමීමට සිදුව ඇතැයි නම් සඳහන් කිරීමට අකමැති වූ රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයෙක් පැවසීය.

ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරුන් බහුතරයකට ගැසට් මගින් කිසිදු විෂයක් පවරා නැත. එබැවින් කැබිනට් අමාත්‍යවරයා සිය ස්ථිර ලේකම්වරයා මගින් අමාත්‍යංශයේ සියලු කටයුතු සිදුකරයි. බොහෝ ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන්ට වෙනත් කිසිදු වගකීමක්ද පවරා නැත. ඒ නිසා රාජ්‍ය ඇමැතිවරුන් සිය ආසනවල කටයුතුවලට පමණක් සීමා වී සිටිති. ලේකම්වරු අමාත්‍යංශවල නිකරුණේ කාලය ගත කරති යැයි අපට කරුණු දැක්වූ ලේකම්වරයා වැඩිදුරටත් කීය.

I සංජීවිකා සමරතුංග