2017 ජුලි 15 වන සෙනසුරාදා

වාහන ගෙන්වීම අඩුවෙලා

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 69


මාසිකව මෙරටට ආනයනය කරන වාහන ප්‍රමාණය පසුගිය ජුනි මාසයේ සෑහෙන පමණ අඩු වී ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

පසුගිය කාලයේ වාහන ආනයනය සෑහෙන පමණ ඉහළ ගොස් තිබිණි. සාමාන්‍යයෙන් පසුගිය මැයි මාසය වනවිට මසකට වාහන 39000ත් 40000ත් අතර සංඛ්‍යාවක් මෙරටට ගෙන්වනු ලැබිණ. මෙම සංඛ්‍යාව ත්‍රීරෝද රථ හා මෝටර් සයිකල් ආනයනයෙන් අදාළ නොවේ. එහෙත් එම සංඛ්‍යාව ජූනි මාසයේදී වාහන 13,000කින් පමණ අඩු වී ඇත. ජූනි මස මෙරටට ආනයනය කර ඇත්තේ වාහන 27000ක් පමණක් බව වාහන ආනයනකරුවෝ වැඩිදුරටත් පවසති. 

ආනයනික වාහන සඳහා ඉහළ බදු ප්‍රතිශත පැවතීම හා රුපියලේ අගය අඩුවීම නිසා ආනයනික වාහනවල මිල ගණන්ද යම් පමණකින් ඉහළ යාම ඇතුළු ආර්ථික දුෂ්කරතා ගණනාවක් හේතුවෙන් වාහන අලෙවිය අඩු වූ බැවින් ආනයනයද පහළ බැස තිබේ.

I සංජීවිකා සමරතුංග