2017 ජුලි 08 වන සෙනසුරාදා

දහඅටේ කල්ලිය ජනපති හමුවෙයි

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60


සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුම් කාලය නිමවීමත් සමඟ ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර සිටින ශ්‍රී.ල.නි.ප මැති ඇමැති කණ්ඩායම ඉදිරියේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී සිය ස්ථාවරය පැහැදිලි කරන බව එම කණ්ඩායමේ සාමාජිකයකු වන රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා දේශයට පැවසීය.

 

එහිදී මෙතෙක් ආණ්ඩුව විසින් සිදුකරන ලද යම් යම් කාරණා හේතුවෙන් රටේ ජනතාවට සිදු වූ යහපත සහ අයහපත සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකිරීමටද නියමිතව ඇත.

එසේ ජනාධිපතිවරයා හමුවීමට යන පිරිස අතර කැබිනට් ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු සහ නියෝජ්‍ය ඇමැතිවරු පිරිසක් සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

ඉවත් වීමට සිටින කණ්ඩායමේ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් පසුගිය බදාදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමු වී ඇති අතර එහිදී ඔවුන්ගේ ස්ථාවරය දැනුම් දී ඇත. එහෙත් අමරවීර මහතා ඔවුන්ට ඉවත් නොවන ලෙසට ඉල්ලීමක් කළත් ඔවුන් දන්වා ඇත්තේ ජනාධිපතිවරයාගේ ඉදිරි මාස දෙකේ කටයුතු පිළිබඳව අවධානයෙන් සිට ඊට පිළිතුරු ලබාදෙන ලෙස කියාය.

ගයාන් ගාල්ලගේ I

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01