2017 ජුලි 08 වන සෙනසුරාදා

සයිටම් පාලනයට භාරකාර මණ්ඩලයක්

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50


අර්බුදයකට මුහුණ දී තිබෙන සයිටම් ආයතනයේ පාලනය විශේෂ රාජ්‍ය භාරයකට (ට්‍රස්ට් එකකට) පැවරීම සඳහා රජය ක්‍රියාකරමින් සිටින බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

 

ජනාධිපතිවරයා වෛද්‍ය සංගමයට කළ යෝජනාවලින්ද භාරයකට පැවරීමේ යෝජනාව ඇතුළත්ව තිබුණි. කෙසේ හෝ මේ ගැන වෛද්‍ය සභාවේද අදහස් විමසා දෙපක්ෂයටම පිළිගත හැකි විසඳුමක් ලෙස සයිටම් ආයතනය රාජ්‍ය භාරයක් යටතට පත්කොට පාලනය කිරීම යෝග්‍ය බවට රජයේ ප්‍රබලයන් ගණනාවක් කරුණු දක්වා ඇත. ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කොට නැවත වෛද්‍ය සංගමය ඇතුළු සියලු පාර්ශ්ව සමග කතා කිරීමට අපේක්ෂා කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

සංජීවිකා සමරතුංග I