2017 ජුනි 17 වන සෙනසුරාදා

අාණ්ඩුව අවුරුද්දක ණය මාස 6න් අරන්

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 118


මේ වසර සඳහා රජයට ලබාගත හැකි සමස්ත ණය ප්‍රමාණයෙන් 80%ක් පමණ මේ වන විට ලබාගෙන අවසන් බව මහ බැංකු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

වසරේ මුල් මාස 6 තුළ මෙතරම් විශාල ණය ප්‍රමාණයක් ලබාගැනීම නිසා වසරේ ඉතිරි මාස 6ක කාලයේ රාජ්‍ය වියදම් සම්බන්ධව ප්‍රබල ගැටලු උද්ගත විය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

2017 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනය මගින් මේ වසරේ රජයට ලබාගත හැකි දේශීය විදේශීය උපරිම ණය සීමාව රුපියල් බිලියන 1579කට සීමාකර තිබේ. එම බිලියන 1579න් මේ මාස 6 තුළ රුපියල් බිලියන 1250 ණය ලබාගෙන හමාරය. තවත් ඉතිරිව තිබෙන්නේ රුපියල් බිලියන 325ක් පමණි. එම මුදල ඉතිරි මාස 6 වියදම් සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ආර්ථික විශේලේෂකයෝ පවසති.

l ව්‍යාපාරික වාර්තාකරු