2017 ජුනි 17 වන සෙනසුරාදා

විග්නේශ්වර්න්ගේ ප්‍රශ්නයට සම්පන්දන් හා සේනාධිරාජා රණ්ඩු!

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169


උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර දැඩි මත ගැටුමක් හටගෙන ඇතැයි උතුරෙන් වාර්තා වෙයි.

දෙමළ සන්ධාන නායක සම්පන්දන් මහතා සිය පක්ෂ සගයන්ට උපදෙස් දී ඇත්තේ එකවරම මහ ඇමැතිවරයා ඉවත් නොකළ යුතු බවයි. එනිසා විශ්වාස භංග යෝජනාව සභාගත නොකරන ලෙස ඔහු දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මැති ඇමැතින්ට උපදෙස් දී ඇත. දෙමළ සන්ධානයේ හවුල්කාර පක්ෂ වන ඊ.පී.ආර්.එල්.එෆ්. සහ ටෙලෝ පක්ෂ නායකයන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීන් හා පළාත් සභා මන්ත්‍රීන් ගණනාවක්ද මෙම මතය දරන බව කියැවේ.

එහෙත් දෙමළ සන්ධානයේ ප්‍රබලයන් වන මාවෙයි සේනාධිරාජා සහ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන්නේ මහඇමැති විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාසභංගය සම්මතකොට ඔහු බලයෙන් ඉවත් කළ යුතු බවය.

මෙම මත ගැටුම උග්‍රවෙද්දී පසුගිය සිකුරාදා උතුරේ මහ ඇමැතිවරයාට පක්ෂව හර්තාලයක් පැවැත්විණි. එය සෑහෙනදුරට සාර්ථක වූ බවද වාර්තා වෙයි.

I රජිත ජාගොඩ ආරච්චි