2017 ජුනි 17 වන සෙනසුරාදා

එ.ජා. ළමා අරමුදලින් ලංකාවට ඩොලර් මිලියන 50ක්

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය ඉදිරි වසර 4ක කාලය තුළ ශ්‍රී ලංකාවේ දරුවන් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් වෙන්කිරීමට තීරණය කළ බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වර්ෂ 2018 – 2022 වසර 4 සඳහා යෝජනා කර තිබෙන වැඩසටහන් හා ව්‍යාපෘති සම්බන්ධව නියෝජ්‍ය අමත්‍යවරයා හා යුනිසෙෆ් ආයතනයේ දකුණු ආසියාව හා ශ්‍රී ලංකාවේ වැඩසටහන් ප්‍රධානී ටිම් සුට්ටන් මහතා අතර අමෙරිකාවේ නිව් යෝර්ක් නුවර පැවති විශේෂ සාකච්ඡාවකදී ඊට අදාළ අවසන් එකඟතා ඇතිකරගෙන තිබේ. ශ්‍රී ලංකාවට ආධාර සැපයීමේ යෝජනාව ලබන සැප්තැම්බරයේ සුනිසෙෆ් අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

l සංජීවිකා සමරතුංග

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01