2017 ජුනි 17 වන සෙනසුරාදා

කෝටි 5200ක ලයිට් බිල කෝටි 900ට බස්සයි

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47


ලංකා විදුලිබල මණ්ඩලය මාස 6ක කාලයක් තුළ පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් ගෙවීමට සැලසුම් කර තිබූ රුපියල් කෝටි 5200ක බිල්පතෙහි දත්ත සැකකටයුතු බැවින් එයින් රුපියල් කෝටි 4300ක් කපාහැරීමට මහජන උපයෝගීතා කොමිසම තීන්දු කළේය.

ඒ අනුව කෝටි 5200ක බිල්පතින් රුපියල් කෝටි 900ක් පමණක් ගෙවන ලෙස මහජන උපයෝගීතා කොමිසම පසුගියදා මුදල් අමාත්‍යංශයට දැනුම් දී ඇත.

මෙම මුදල ගෙවීම සඳහාත් කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට කොන්දේසි ගණනාවක් පනවා තිබේ. විධිමත් ගිණුම් ක්‍රමවේදයන් පවත්වා ගැනීම, සියලු ගනුදෙනු විගණනය කිරීම එම කොන්දේසි අතර ප්‍රධානය. විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම මිලදී ගැනීම් අනුමත කර තිබූ බවද සඳහන්ය.

l ව්‍යාපාරික වාර්තාකරු