2017 ජුනි 17 වන සෙනසුරාදා

ජාතිවාදී ගැටලුව : ආපනශාලා හිමියන්ගේ සංගමයෙන් පැමිණිල්ලක්

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 104


දැනට රට තුළ හිස ඔසවමින් පවතින ජාතිවාදී ගැටලු හෝටල් ව්‍යාපාරයට අහිතකරව බලපාන බැවින් ජාතිවාදී.......

ප්‍රකාශ නිකුත් කරන්නන් පිළිබඳ විමර්ශන සිදුකර වහා ඔවුනට එරෙහිව පියවර ගන්නා ලෙස සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැමිණිල්ලක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී.

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් පවසන්නේ ජාතිවාදී ප්‍රකාශනවලින් ජනතාව කුපිතවීම නිසා රටේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර අතීතයේ සිට පැවතගෙන ආ අන්‍යොන්‍ය විශ්වාසයට සහ සුහදතාවට මේ වනවිට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බවය. සිංහලයා මුස්ලිම් හෝටල්වලට නොයන අතර මුස්ලිම් අය සිංහල හෝටලයට ගොඩනොවැදෙන තත්ත්වයක් වර්ධනය වෙමින් තිබේ. මෙය හෝටල් ව්‍යාපාරයේ ප්‍රගතියට බාධාවක් වී ඇති බැවින් පවතින වාතාවරණය හමුවේ ස්වකීය ව්‍යාපාර කඩා වැටීමකට ලක්විය හැකියැයි පවසන ඔහු මේ තත්ත්වය වළක්වාලීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටී.

I යසවර්ධන රුද්රිගු