2017 ජුනි 10 වන සෙනසුරාදා

ලක්ෂ්මන් - ඩිලාන් එපා: වෙන ඕනෑ කෙනකු දෙන්න (කබීර් රජයට කියයි)

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 362

I දේශපාලන වාර්තාකරු

සිය රාජ්‍ය අමාත්‍යවරයාට කාර්යාල කාමර පැවරීමේ ප්‍රශ්නය මත අර්බුදයකට මුහුණ දී සිටින රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හෝ ඩිලාන් පෙරේරා මහතා හැර වෙනත් ඕනෑම කෙනෙක් සිය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස භාරගැනීමට සූදානම් බව රජයට දැනුම් දී ඇතැයි දේශයට වාර්තාවේ.

මෙම ඉල්ලීමට බලපෑ හේතු කාරණා අමාත්‍ය හෂීම් මහතා විසින් දන්වා නැතත් වෙනත් ඕනෑ කෙනකු සිය අමාත්‍යංශයට පත්කරන ලෙස ඉල්ලා ඇත. එහෙත් ජනාධිපතිවරයා අමාත්‍ය හෂීම්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන්ය.

මේ ගැන වැඩිදුරටත් විස්තර දැනගැනීමට අමාත්‍ය කබීර් හෂීම් මහතා සම්බන්ධ කර ගැනීමට (දේශය) උත්සාහ කළද ඔහු දුරකතනයට සම්බන්ධ කරගත නොහැකි විය.