2017 ජුනි 10 වන සෙනසුරාදා

සම්මුති ආණ්ඩුවට එජාපෙන් කොක්කක්

 2017 ජුනි 10 වන සෙනසුරාදා, ප.ව. 10:32 424

I ගයාන් ගාල්ලගේ

සම්මුතිවාදී ආණ්ඩුව ලබන අගෝස්තු මාසයෙන් පසුවත් ඉදිරියට රුගෙන යනවා නම් ශ්‍රීලනිප මැති ඇමැතිවරු නිතර ආණ්ඩුව විවේචනය කිරීම නවතාලීමට ජනාධිපතිවරයා සමඟ එකඟතාවයකට යා යුතු බව දන්වා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු කණ්ඩායමක් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇත.

පක්ෂ දෙකේ ගිවිසුම් කාලය අගෝස්තු මාසයේ අවසන් වේ. එසේ ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසුවත් මෙය ඉදිරියට කරගෙන යන්නේ ද යන කරුණ ගැන අවධානය යොමුකළ යුතු බව පෙන්වා දීමට මන්ත්‍රීවරු තීරණය කර තිබේ.
විශේෂයෙන් ශ්‍රී.ල.නි.ප. මැති ඇමැතිවරු සමාජය ඉදිරිපිට ආණ්ඩුවේ අභ්‍යන්තරයේ ගනු ලබන තීන්දු තීරණත් එසේම වගකීම් සහගත ආණ්ඩුවත් නිතර නිතර විවේචනය කරනු ලබන නිසාත් මහජනතාවට ආණ්ඩුව සම්බන්ධයෙන් සැක මතුවී ඇති බව එම මන්ත්‍රීවරු පෙන්වා දෙති. මේ නිසා තවදුරටත් ආණ්ඩුව සතු ඉලක්කයන් වෙත යන්න නම් මෙවැනි ප්‍රකාශ නැවැත්විය යුතු බවට එම මන්ත්‍රීවරු අග්‍රාමාත්‍යවරයාට දැනුම් දීමට තීරණය කර තිබේ.

 

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01