2017 ජුනි 10 වන සෙනසුරාදා

ඇපැල් උසාවියේ පුරප්පාඩු තුනක්

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 67

I දේශපාලන වාර්තාකරු

අභියාචනාධිකරණයේ විනිසුරු තනතුරු දෙකක් දැනට පුරප්පාඩු වී ඇති අතර ලබන සතියේ එහි සභාපති ධුරයද පුරප්පාඩු වෙයි. ඒ අනුව හැකි ඉක්මණින් අභියාචනාධිකරණයේ විනිසුරු තනතුරු තුනක් සඳහා විනිසුරුවරුන් පත් කිරීමට සිදුවෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මේ සඳහා සුදුසු නම් ජනපතිවරයා විසින් යෝජනා කළ යුතු අතර ඊට පෙර අගවිනිසුරුවරයාගේ සහ නීතිපතිවරයාගේ නාමයෝජනා ජනපතිවරයා විසින් සලකා බැලිය යුතුය.

අභියාචනාධිකරණයේ හිටපු සභාපති විජිත මලල්ගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයකට පත්වූ අතර එම තනතුරට විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය පත් කෙරිණි. ඇයද ඉදිරි සතියේ විශ්‍රාම ලැබීමට නියමිතය. මේ හැර අභියාචනාධිකරණ විනිසුරු ෂෙරීන් මඩවල මහත්මිය පසුගියදා අභාවප්‍රාප්ත වීමෙන්ද විනිසුරු තනතුරක් පුරප්පාඩු විය. ඒ අනුව විනිසුරු තනතුරු දෙකක් සහ අභියාචනාධිකරණ සභාපති ධුරය සඳහා විනිසුරුවරයකු කඩිනමින් පත්කළ යුතුව ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.