2017 ජුනි 10 වන සෙනසුරාදා

තානාපතිවරුන්ට අලුත් පාඩමක්

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

 

I සංජීවිකා සමරතුංග

ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරුන්ට හා මහ කොමසාරිස්වරුන්ට වාණිජ තානාපතිකරණය (කොමර්ෂල් ඩිප්ලොමසි) පිළිබඳ විශේෂ පුහුණුවක් ලබාදිය යුතු බව නව විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කර ඇත.
ඒ අනුව සියලුම තානාපතිවරුන්ට හා මහ කොමසාරිස්වරුන්ට මේ රටට ප්‍රමාණවත් ආයෝජන ගෙන ඒම සඳහා ඉලක්ක ලබාදීමට සැලසුම් කෙරෙන බව විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය. දැනට මෙම කටයුතු අන්තර්ජාතික වාණිජ කටයුතු අමාත්‍යංශය විසින්ද කරගෙන යනු ලැබේ. එහෙත් විදේශ තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් මගින් වඩාත් ඵලදායී ආයෝජන ඉලක්ක සපුරාගත හැකි බව විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කර ඇත.