2017 ජුනි 03 වන සෙනසුරාදා

ඩුබායි ණයට පොලී පොල්ලක්

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

ශ්‍රී ලංකාවට ඩුබායි රාජ්‍යයේ මූල්‍ය සැපයුම් අරමුදලකින් ලබාදීමට යෝජිත ඇමෙරිකානු ඩොලර් මිලියන 1500ක වාණිජ ණය මුදල සඳහා ඉහළ පොලියක් නියම කිරීම නිසා අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වෙයි.

මේ ගැන පසුගියදා මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, මහ බැංකු හා මහා භාණ්ඩාගාර ප්‍රධානීන් සමඟ ඩුබායි මූල්‍ය සමාගම් නිලධාරිහු සාකච්ඡාවක් පැවැත්වූහ. එහිදී වසර 5ක කෙටි කාලයකට සැපයෙන ණය සඳහා 4.92% පොලී අනුපාතයක් ද, වසර 12ක දිගු කාලයක් සඳහා සැපයෙන ණය වෙනුවෙන් 6.28%ක පොලී අනුපාතයක් නියම කැරිණි. ඊට අමතරව ණය සැපයීම සඳහා විශේෂ ගාස්තුවක්ද අවශ්‍ය බව ඩුබායි සමාගම දන්වා තිබේ.

එහෙත් මහ බැංකු හා භාණ්ඩාගාර ප්‍රධානීන් මෙහි පොලී අනුපාත රටේ සාමාන්‍ය පොලී අනුපාතයට වඩා ඉහළ බව සඳහන් කිරීම නිසා ණය සැපයුම අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි කියැවේ.

I ව්‍යාපාරික වාර්තාකරු

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01