2017 මැයි 27 වන සෙනසුරාදා

අපහාසයට හිරේදාන නීතිය යළිත්

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60


l ගයාන් ගාල්ලගේ

අන්තර් ජාලය ඔස්සේ රටේ විවිධ පුද්ගලයන්ට සිදුකරන අපහාස එන්න එන්නම ඉහළ යන නිසා නැවතත් සාපරාධී අපහාස නීතිය ක්‍රියාත්මක කළයුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා ඒ බව පවසා ඇත්තේ පසුගියදා පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදීය. වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහා පුද්ගලයන්ට මඩ ගැසීම්, අපහාස කිරීම් බරපතළ ලෙස සිදුවන බවත් ඒ පිළිබඳව තමන්ටද නිතර පැමිණිලි ලැබෙමින් පවතින බවත් ජනාධිපතිවරයා පවසා තිබේ. එනිසා 2002 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මගින් අහෝසි කරන ලද සාපරාධී අපහාස නීතිය නැවත ක්‍රියාත්මක කළ බව තමන්ගේ අදහසක් තිබෙන බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.