2017 මැයි 20 වන සෙනසුරාදා

රණවිරු සමරුව නිදහස් චතුරශ්‍රයේදී

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 124

යුද්ධය හමාර වී වසර අටක් සපිරීම නිමිත්තෙන් සති අන්තයේ (සෙනසුරාදා) පස්වරු 3.00ට රණවිරු සමරු උත්සවයක් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් මෙම රණවිරු සමරු උළෙල පැවැත්විය.

ජාතික රණවිරු සංවිධාන සම්මේලනය රට වෙනුවෙන් දිවි පිදූ රණවිරු ඥාතීන්, ආබාධිත රණවිරුවන් සහ විශ්‍රාමික රණවිරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වූ මෙම උත්සවය සංවිධානය කළේ බෙංගමුවේ නාලක හිමියන් ප්‍රමුඛ ගිහි පැවිදි නායකයන්ගේ සහභාගීත්වයෙනි.

l සංජීවිකා සමරතුංග