2017 මැයි 20 වන සෙනසුරාදා

ඉන්දියාවේ මීළඟ ජනපති මහත්මා ගාන්ධිගේ මුණුපුරෙක්

 2017 මැයි 20 වන සෙනසුරාදා, ප.ව. 06:00 220

ඉන්දියාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස මහත්මා ගාන්ධිතුමාගේ මුණුපුරකු වන ගෝපාල් ක්‍රිෂ්ණා ගාන්ධි මහතා පත්වීමට ඉඩ ඇතැයි ඉන්දීය මාධ්‍ය මේ සතියේ වාර්තා කළේය.

වත්මන් ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතාගේ පස් අවුරුදු නිල කාලය ජූලි මාසයේදී හමාර වෙයි. එවිට විපක්ෂයේ ප්‍රධාන විපක්ෂ සියල්ලම ගෝපාල් ක්‍රිෂ්ණා ගාන්ධි මහතාගේ නම ජනාධිපති ධුරය සඳහා යෝජනා කරන බව දැනටමත් ප්‍රකාශ කර ඇත. අගමැති මෝදි මහතාගේ පක්ෂයේ සහාය ඔහුට ලබාදීම ගැන මෙතෙක් ප්‍රකාශ කර නැතත් මහත්මා ගාන්ධිගේ මුණුපුරාට අගමැති මෝදි විරුද්ධ නොවනු ඇතැයි එරට දේශපාලන විචාරකයන් සඳහන් කර තිබුණි.

ඉන්දීය පරිපාලන සේවයේ නිලධරයකු, තානාපතිවරයකු, ජනාධිපති ලේකම්වරයකු හා ආණ්ඩුකාරවරයකු ලෙස කටයුතු කළ ගාන්ධි මහතා මහත්මා ගාන්ධිතුමාගේ පුත් දේව්දාස් ගාන්ධිගේ දෙටු පුත්‍රයාය.

ගෝපාල් ක්‍රිෂ්ණ ගාන්ධි මහතා වර්ෂ 2000 සිට 2002 දක්වා කොළඹ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාව ගැන පුළුල් දැක්මක් සහිත රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.

l සංජීවිකා සමරතුංග