2017 මැයි 20 වන සෙනසුරාදා

පුංචි ඡන්දයේ නව පනතට ඇමැති අනුමැතිය

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ප්‍රබල බාධකයක්ව පැවති පළාත් පාලන මැතිවරණ පනතේ පැවති දෝෂ 55ක් නිවැරදි කොට කරන ලද සංශෝධනවලට මේ සතියේ ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවිය.

අනතුරුව නව සංශෝධන ඇතුළත් පනත ගැසට් පත්‍රයේ පළකොට නිශ්චිත දින ගණනකින් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව තිබේ. පාර්ලිමේන්තුවෙන් පළාත් පාලන ඡන්ද පනත සම්මත වූ වහාම එය මැතිවරණ කොමිසම වෙත යොමු කෙරෙයි. ඉන් අනතුරුව පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයාගේද අනුමැතිය ඇතිව දැනට වසර දෙකක් පමණ කල්ගොස් ඇති පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අවකාශ සැලැසෙයි.

l දේශපාලන වාර්තාකරු