2017 මැයි 13 වන සෙනසුරාදා

කොළඹ බරණැස ගුවන් සේවාවකට මෝදි සැරසෙයි

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 112


කොළඹ සහ ඉන්දියාවේ බරණැස (වාරාණාසී) අතර ඍජු ගුවන් සේවාවක් අරඹන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය. කොළඹදී පැවති ජාත්‍යන්තර වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එමගින් මෙරට ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ බැතිමතුන්ට බරණැස බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගන්නට අවස්ථාව දීමට හැකිවෙතැයිද අගමැතිවරයා විශ්වාස පළකර තිබුණි. බෞද්ධයන්ගේ පූජනීය සිද්ධස්ථාන මෙන්ම දෙමළ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ කාසී විශ්වනාත් හින්දු කෝවිලද වැඳපුදා ගන්නට දහස් ගණන් දෙමළ ජනතාව වාර්ෂිකව ඉන්දියාවට යති. එයාර් ඉන්දියා ගුවන්සේවය මගින් ලබන අෙගා්ස්තුෙව් සිට මෙම සේවය සලසන බවද ෙමා්දි අගමැතිවරයා කීය.

සංජීවිකා සමරතුංග l