2017 මැයි 13 වන සෙනසුරාදා

යූ.ඇන්.පියට ප්‍රධාන විධායකයෙක්

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45


පක්ෂයේ පරිපාලන කටයුතු සහ දේශපාලන කළමනාකරණය සඳහා ප්‍රධාන විධායක නිලධාරී (CEO) තනතුරක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

මෙම තීරණය පසුගියදා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සම්මත කරගෙන තිබේ. විශේෂයෙන් පක්ෂයේ අනාගත දේශපාලන අභිමතාර්ථයන් ඉෂ්ඨ කර ගැනීම සඳහා ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමේ අරමුණින් සිරිකොතෙහි පූර්ණකාලීනයකු ලෙස කටයුතු කිරීමට මේ තනතුර දරන්නට අවසරය ලැබෙනු ඇත. එසේම පුළුල් බලතල පැවරීමට තීන්දු කර ඇතැයි සඳහන් වේ.කෙසේ වෙතත් මේ තනතුර සඳහා තවමත් නිශ්චිත කෙනකු නම්කර නොමැති අතර බොහෝදුරට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු හෝ විද්වත් වෘත්තිකයකු ඊට පත්කරනු ඇතැයි පැවසේ.

l ගයාන් ගාල්ලගේ