2017 මැයි 13 වන සෙනසුරාදා

ආණ්ඩුව අරාබියෙන් ණයක් ගනියි

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික ණය සම්පාදන අරමුදලකට සංවර්ධන බැඳුම්කර විකුණා අමෙරිකානු ඩොලර් මිලියන 1500 ණයක් ලබාගැනීමට රජය පියවර ගනිමින් සිටින බව දේශයට වාර්තා වෙයි. 

වසර 10කින් කල්පිරෙන මෙම බැඳුම්කර සඳහා 6.20%ක පොලියක් නියම කෙරෙනු ඇතැයි සඳහන්ය. එහි ආරම්භක පියවර ලෙස මුලින් රජයට ඩොලර් මිලියන 500ක් පමණ ලබාගැනීමට සැලසුම් කර තිබේ. මේ මුදල් රජයේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට උපයෝගී කර ගැනෙයි. ඉතිරි ඩොලර් මිලියන දහසින් 500ක් මහජන බැංකුවටද තවත් ඩොලර් මිලියන 500ක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවටද ලබාදීමට නියමිතය. මෙම ණය සම්පාදනය සඳහා මේ වනවිට මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව ක්‍රියාකරමින් සිටී. මෙම ණය  සම්පාදන ව්‍යාපෘතිය අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ යෝජනාවක් අනුව සිදුවන බවද වැඩිදුරටත් වාර්තාවෙයි.

l සංජීවිකා සමරතුංග