2017 මැයි 13 වන සෙනසුරාදා

අපනයන පහළට : ආනයන ඉහළට

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54


ශ්‍රී ලංකා ආර්ථිකය අපනයනය මත දිවෙන ආර්ථිකයකට වඩා ආනයන මත යැපෙන ආර්ථිකයක තත්ත්වයට පත්වී ඇති බව 2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.

එම වසරේ සමස්ත අපනයනය සියයට 2.2කින් පහළ වැටී තිබේ. අපේ ප්‍රධාන අපනයන වන තේ සහ ඇඟළුම්වල අපනයනය මන්දගාමී වී ඇත. තේ අපනයන ආදායම 5.3ක ප්‍රතිශතයකින් පහළ වැටී ඇති අතර, ඇඟළුම් සියයට 1ක තරමේ සුළු වර්ධනයක් පෙන්වයි. ජී.එස්.පී.+ සහනය ලැබීම පිළිබඳව 2016 වසරේ තිබූ බලාපොරොත්තු ඉටු නොවී ඇති අතර විදේශ වෙළෙඳ පොළ නිෂ්පාදන සමග මිලෙන් සහ ප්‍රමිතියෙන් තරග කිරීමට අපට නොහැකිවීම මෙම තත්ත්වයට බලපා තිබේ.

පොහොර ආනයනය නවතා දැමීම, වල් පැළෑටි පාලනය සඳහා අත්‍යවශ්‍ය පලිබෝධ නාශකයක් වන ග්ලයිෆොසේට් නිසි ලෙස පාවිච්චි නොකිරීම නිසා තේ නිෂ්පාදනය පසුගිය වසරේ අර්බුදයකට ලක්ව ඇත. ශ්‍රම හිඟය නිසා අත්වලින් වල් පැළෑටි ඉවත් කිරීම ප්‍රායෝගික නොවුණි.

එසේම මැද පෙරදිග වෙළෙඳපොළින් මෙරට තේවලට ඇති ඉල්ලුම අඩුවීමද තේ අපනයනය පහත වැටීමට හේතුවක් විය. එම රටවල භූමි සහ දේශපාලන කරුණුද ඉල්ලුම අඩුවීමට බලපා ඇත. ඒ නිසා තේ අපනයනය සියයට 5.3කින් හා සමස්ත කෘෂි අපනයනය 6.3කින් පහළ වැටුණු බවද මහ බැංකු වාර්තාව කියයි.

l යසවර්ධන රුද්රිගු

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00