2017 මැයි 06 වන සෙනසුරාදා

හම්බන්තොට ගිවිසුම ලබන සතියේ කැබිනට්ටුවට

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 32


l දේශපාලන වාර්තාකරු

හම්බන්තොට වරාය දිගුකාලීන බදු පදනම යටතේ චීනයට පැවරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබන අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරේ.

දේශයට වාර්තා වන ආකාරයට වරාය පැවරීමට අදාළව මුලින් සාකච්ඡා කළ කොන්දේසි ගණනාවක් නව ගිවිසුමේ වෙනස් කර ඇතැයි පැවසේ. ඒ අනුව වරාය චයිනා මර්චන්ට් සමාගමට බදු දෙන කාලය සම්බන්ධ යෝජනා දෙකක් ඊට ඇතුළත් කර ඇත. එයින් එක යෝජනාවක සඳහන් වන්නේ වසර 70ක කාලයට වරාය බදු දිය යුතු බවයි. දෙවැනි විකල්ප යෝජනාවෙහි ඇත්තේ වසර 80ක කාලයට වරාය බදු දිය යුතු බවයි. මේ යෝජනා දෙකෙන් සුදුසු යෝජනාව අමාත්‍ය මණ්ඩලයට පිළිගත හැක.

මේ මාසයට නියමිත අග්‍රාමාත්‍යවරයාගේ චීන නිල සංචාරයට පෙර මේ ගැන අමාත්‍ය මණ්ඩල තීන්දුවක් ගැනීම රජයේ අපේක්ෂාවයි.