2017 මැයි 06 වන සෙනසුරාදා

කඩුවෙල, කෝට්ටේ මාසයක් කුණු ගොඩගැහිලා

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65


සකීෆ් සාම් තන්වීරි l

කෝට්ටේ නගර සභා බල ප්‍රදේශයේ සහ කඩුවෙල නගර සභා බල ප්‍රදේශයේ කොටසක අප්‍රේල් 09 දා සිට මේ දක්වා මාසයක පමණ කාලයක් කසළ එකතු නොකිරීම නිසා පුද්ගලයන් ලක්ෂයක් පමණ සහ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන, පාසල් හා අනෙකුත් පෞද්ගලික ආයතන දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

කඩුවෙල මහනගර සභා කොමසාරිස්වරිය කසළ එකතු කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ මෙසේ ප්‍රමාදයක් පැන නැගී ඇත්තේ නගර සභාවේ කසළ බැහැර කිරීමට තිබෙන අක්කරයක ඉඩමේ තවදුරටත් කසළ බැහැර කිරීමේ ඉඩ පහසුකම් නොමැති නිසා බවය. කෝට්ටේ මහනගර සභාව තම නිවෙස්වල  බල ප්‍රදේශය තුළ කසළ එකතු කිරීමේ ප්‍රමාදයක් නැතැයි ප්‍රතික්ෂේප කළද ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ තවමත් අතුරු පාරවල්වල ජීවත්වන තම කසළ එකතු කිරීම සාමාන්‍ය පරිදි සිදුනොවන නිසා තමන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවකි. මෙම ප්‍රමාදයට විසඳුම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගෙන් දේශය කළ විමසුමට මහ ඇමතිවරයා කීවේ එවැනි ගැටලුවක් සම්බන්ධයෙන් මහ නගර සභා කොමසාරිස්වරුන් තමා දැනුවත් කර නැති බවය.  
මීතොටමුල්ල කුණුකන්ද නායයාමෙන් පසු එහි කසළ බැහැර කිරීම නවතා දැමූ නිසා එම භූමියට කසළ බැහැර කළ කඩුවෙල, කෝට්ටේ යන මහනගර සභාවලට අමතරව බියගම හා වත්තල යන මහනගර සභාවල කසළ බැහැර කිරීමේ ගැටලුවක් උද්ගතව තිබෙන බවත් කියවෙයි.