2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

මැයි රැලි 3 ක් කොළඹ 1 ක් නුවර 1 ක් යාපනේ

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 203

ලෝක කම්කරු දිනයට සමගාමීව පක්ෂ තුනක් මැයි රැලි කොළඹදීත් තවත් මැයි රැලි දෙකක් මහනුවර සහ යාපනයේදීත් හෙට (01) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත. 

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලිය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එසේම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය සහ රැස්වීම බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට සූදානම් කර තිබේ. 

අනුර කුමාර දිසානායකගෙන් යුත් ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය සුපුරුදු පරිදි බී.ආර්.සී. පිටියේ පැවැත්වීමට නියමිතව ඇති අතර ඊට අමතරව ඔවුන් තවත් මැයි රැලියක් යාපනය මුතුවේලුහිදී පැවැත්වීමට නියමිතය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පළමු මැයි රැලිය මෙවර ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට සූදානම් කර තිබේ.

මැයි රැලි පැවැත්වෙන ප්‍රදේශයන්හි පොලීසිය විසින් විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කෙරේ.

 

I ගයාන් ගාල්ලගේ