2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

මූල්‍ය අරමුදලේ බලපෑමෙන් ආදායම් පහත යළි එයි

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට නිර්දේශ කරන ලද දේශීය ආදායම් පනත ලබන අඟහරුවාදා (මැයි මස 2දා) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.

මූල්‍ය අරමුදලේ නිර්දේශය පරිදි දේශීය ආදායම් පනත අමාත්‍ය මණ්ඩලයෙන් සම්මත කොට ගැසට් කරන තුරු ශ්‍රී ලංකාවට නිකුත් කෙරෙන තුන්වැනි ණය වාරිකයට මූල්‍ය අරමුදල් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අනුමැතිය ලබා නොදෙන බව මෙයට පෙර රජයට දන්වා තිබුණි. ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 169ක් වන තුන්වැනි ණය වාරිකය සඳහා අනුමැතිය ලැබෙන්නේ දේශීය ආදායම් පනත ගැසට් කිරීමත් සමගය.

රටේ බදු පරිපාලනය විධිමත් කිරීම සඳහා මෙම පනත අත්‍යවශ්‍ය බව මූල්‍ය අරමුදල රජයට දන්වා තිබේ. එහෙත් දේශීය ආදායම් වෘත්තීය සංගම් මෙයට දැඩි විරෝධය පළකරමින් කියා ඇත්තේ මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු රාජ්‍ය ආදායම් අධිකාරියක් යටතට පත්කිරීමේ මුල් පියවර බවය. මෙය මීට පෙර අප්‍රිකාවේ ඝානා රාජ්‍යයේ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළක් බවද එම සංගම් සඳහන් කරයි.

l සංජීවිකා සමරතුංග