2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

අයවැය ලියන්න මණ්ඩලයක්

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42

2018 වසර සඳහා වන අයවැය ලේඛනය සැකසීම මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්. පාස්කරලිංගම් සහ මුදල් ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග පුමුඛ මහා භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨයන්ගේ මණ්ඩලයකට පැවරීමට රජය තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ආණ්ඩුවේ නව සංවර්ධන ක්‍රමෝපායන්ට ජවය ලැබෙන අයවැයක් 2018 වසර වෙනුවෙන් ඉදිරිපත් කළ යුතු බැවින් මෙම තීරණය ගත් බව කියැවේ.

කෙසේ වෙතත් ඉදිරි සති කිහිපය තුළ අමාත්‍යංශ ගණනාවක ඉහළ පෙළේ සංශෝධන ගණනාවක් සිදුකිරීමටද රජය අපේක්ෂා කරයි. 2018 වසර සඳහා අයවැය සැකසුම ලබන මාසයේ සිට ආරම්භ කෙරෙනු ඇතැයිද කියැවේ.

l සංජීවිකා සමරතුංග