2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

ෆොනී දානවට ජවිපෙන් වලියක්

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

සරත් ෆොන්සේකා මහතා යොදවාගෙන ජනතා උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට උත්සාහ ගන්නවා නම් එය මිලිටරි පාලනයක ආරම්භයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා (දේශයට) පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදී ජනතා අරගල මර්දනය කරන්නට උත්සාහ ගන්නවා නම් ජනතාව ඉදිරියේදී ඒ සඳහා නිසි පිළිතුරු ලබාදෙනු ඇති බව කියාය.
“මේ ආණ්ඩුවට කුණු ප්‍රශ්නය විසඳගන්න බැරුව ගියා. ඒ වගේ රටේ ජනතාවගේ ප්‍රශ්න රැසකට ස්ථීර විසඳම් ලබාදෙන්න බැරුව ගියා. එහෙම ආණ්ඩුව ජනතාවගේ අරගල මර්දනය කරන්න හදන එක අනුමත කරන්න බෑ. ජනතා විරෝධතා ඇති වන්නේ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැති නිසා. ආණ්ඩුව විසඳුම් වෙනුවට පිළිතුරක් හැටියට මර්දනය කරනවා නම් ඒකට ජනතාව පිළිතුරු දේවි. මේකේ හොඳම කාරණය, මේ යෝජනාව කරලා තියෙන්නේ යහපාලනයේ නියමුවා වන ජනාධිපති මෛත්‍රීපාල මහත්තයා මේක සම්පූර්ණ වැරදි වැඩක්” යැයිද මන්ත්‍රීවරයා කීය.

l ගයාන් ගාල්ලගේ